I දේශපාලන වාර්තාකරු
ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවට පත් කරන ලද සාමාජිකයන් දෙදෙනකුගේ නාමයෝජනා අවලංගු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීන්දු කර ඇත.
ඒ අනුව මෙයට පෙර මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස පත්කිරීමට නම් කළ ආචාර්ය රමේෂ් රාමසාමි සහ දීපානි කුමාරජීව යන මහත්ම මහත්මීන්ගේ නම් වෙනුවට වෙනත් නම් දෙකක් යෝජනා කිරීමට ව්‍යවස්ථා සභාව තීරණය කළේය. මෙම නාමයෝජනා අවලංගු කෙරෙන්නේ රාජ්‍ය සේවයේ වෙනත් තනතුරු දරන්නන් මැතිවරණ කොමිසමේ සාමාජිකත්වය නොදැරිය යුතුය යන නීතිමය විධිවිධානය හේතුවෙනි. මුලින් යෝජිත ආචාර්ය රාමසාමි මහතාත් කුමාරජීව මහත්මියත් රාජ්‍ය සේවයේ වෙනත් තනතුරු දරන්නන් නිසා මැතිවරණ කොමිසමේ තනතුර භාරගැනීමට හැකියාවක් නොමැති බැවින් කඩිනමින් ව්‍යවස්ථා සභාව රුස්වී නව සාමාජිකයන් දෙදෙනකු පත්කිරීමට තීරණය කළ බව දේශපාලන අංශ ආරංචි මාර්ග කියයි.